අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200කට අධික තොගයක් තංගල්ල ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.
පොලිසිය පවසන්නේ, අදාළ මත්ද්‍රව්‍ය තොගය ලොරියක තිබී සොයාගත් බවයි.
ඊට අමතරව නවීන වර්ගයේ ගිනි අවි 5 ක්ද සොයා ගැනීමට හැකිවු බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටින්නේ.
හමුවූ මත්ද්‍රව්‍ය අතරට අයිස් කිලෝග්‍රෑම් 100 ක් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් ඇතුළත්.
කොමඩු රැගෙන යන මුවාවෙන් මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර තිබෙනවා.
දකුණු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
