අලි ඇතුන්ගේ ඡායාරූප සහිත සංඥා පුවරු 147ක් දුම්රිය දෙපාර්තමේන්තුවට

අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වා ගැනීම සඳහා දුම්රිය දෙපස සංඥා පුවරු සවි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ, අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා පත් කෙරුණු කමිටුවේ නිර්දේශවලට අනුවයි.

අලි ඇතුන්ගේ ඡායාරූප සහිත සංඥා පුවරු 147 ක් දුම්රිය දෙපාර්තමේන්තුව වෙත නිල වශයෙන් ඊයේ බාරදෙනු ලැබුවා.

එම පුවරු නිර්මාණය කරනු ලැබ ඇත්තේ, අලි ඇතුන් සුරුකීමේ පදනම විසින්.

අලි ඇතුන් වැඩි වශයෙන් ගැවසෙන දිවයින පුරා තිබෙන දුම්රිය මාර්ග දෙපස එම පුවරු ඉදිරියේදී සවි කිරීමට නියමිතයි.

අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ඇන්ටන් ජයකොඩි සහ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද පුවරු නිල වශයෙන් බාර දීමේ අවස්ථාවට එක්ව සිටියා.

අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සදහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පසුගියදා විශේෂ පාර්ලිමේන්තු කමිටුවක් පත් කරනු ලැබුවා.