ඇමති වසන්තගෙගෙ CIDයට පැමිණිල්ලක්

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට සහ ඔහුගේ මහජන සම්බන්ධතා නිලධාරීනිය සම්බන්ධයෙන් අභූත චෝදනා නගමින් වෘත්තීය ජීවිතයට දැඩි බලපෑමක් වන අයුරින් සමාජ මාධ්‍ය මගින් අසත්‍ය ප්‍රවෘත්ති, සකස් කරන ලද ඡායාරූප, පළ කිරීම් සහ සටහන් ප්‍රචාරය වෙමින් පවතිනවා.

මෙම ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කිරීම දිගින් දිගටම සිදුකරන බැවින් එම ෆේස්බුක් පිටු, වෙබ් අඩවි සහ මෙම මාධ්‍ය හසුරවන පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කර ඊට අදාල නීතිමය පියවර ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ථමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.