ඇල්ල – වැල්ලවාය මාර්ගයේ බිහිසුණු අනතුරක්

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් රන්දෙණිය ප්‍රදේශයේ දී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් යතුරු පැදි දෙකෙහි ගමන් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇති අතර තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර ඇත.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු වන අතර අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.