ඇෆ්ගනිස්ථානයේ වසර 20 ක යුද්ධයේදී බ්‍රිතාන්‍යයන් සමඟ වැඩ කළ සහ එක්සත් රාජධානියේ නැවත පදිංචිවීමට ඉල්ලුම් කළ ඇෆ්ගන් ජාතිකයින් 19,000 කට ආසන්න සංඛ්‍යාවකගේ රහසිගත දත්ත පිටවීමත් සමග දැඩි අර්බුදයක් හටගෙන තිබෙනවා.
බ්‍රිතාන්‍ය රජය කියා සිටියේ නොසැලකිල්ල නිසා මෙම දත්ත පිටවීම සිදුවී ඇති බවයි.
බ්‍රිතාන්‍ය විශේෂ බලකායේ සහ MI6 සාමාජිකයින් ඇතුළු බ්‍රිතාන්‍ය නිලධාරීන් 100 කට වැඩි පිරිසකගේ අනන්‍යතා, මෙහිදී අවදානමට ලක් වී තිබෙනවා. තවද එමඟින් දහස් ගණනක් ඇෆ්ගන් වැසියන් පළිගැනීමේ අවදානමට ලක් වූ බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
ඇෆ්ගනිස්ථානයේ ගැටුම අතරතුර බ්‍රිතාන්‍ය රජය සමඟ වැඩ කළ අයට එරෙහිව තලේබාන්වරු පළිගැනීමේ උත්සාහයක් දැරූ බැවින් බොහෝ දෙනෙකුට බරපතල හානියක් හෝ මරණයක් පවා සිදුවිය හැකි බවයි විදෙස් විශ්ලේශකයින් පවසන්නේ.
මෙම පිටවීම 2022 පෙබරවාරි මාසයේදී සිදු වූ නමුත් 2023 අගෝස්තු වන තෙක් රජය විසින් එය සොයා නොගන්නා ලදී, ඇෆ්ගනිස්ථානයේ දත්ත ලබාගත් අයෙකු එහි කොටසක් ෆේස්බුක් හි පළ කර ඉතිරි කොටස නිදහස් කළ හැකි බව පවසා සිටියා.
මෙම දත්ත පිටවීම සිදු වූයේ ලන්ඩනයේ එක්සත් රාජධානියේ විශේෂ බලකා මූලස්ථානයේ සේවය කරන අයෙකු රජයෙන් පිටත පුද්ගලයෙකුට නැවත පදිංචි කිරීමේ අයදුම්පත් 30,000කට වැඩි ප්‍රමාණයක් විද්‍යුත් තැපෑලෙන් යැවීමෙන් පසුවයි.
මෙම දත්ත පිටවීම පිළිබඳ තොරතුරු ඊයේ වනතෙක් වාරණ නියෝගයක් මගින් එරට රජය රහසිගතව තබාගෙන සිටි නමුත්, එම නියෝගය මහාධිකරණ විනිසුරුවරයෙකු විසින් අර්ධ වශයෙන් ඉවත් කිරීමෙන් පසු මෙම තොරතුරු මාධ්‍ය වෙත මුදා හැරීම සිදුවුණා.
