ඇෆ්ගන් පරදා ශ්‍රී ලාංකිකයින්ට විශිෂ්ඨ ජයක්

මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථානය පරදා ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

තරගාවලිය බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙනවා.

ශ්‍ර්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය ඊයේ පැවැති අතර ඒහි පළමු වටය ලකුණු 25 ට 23 ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒහි දෙවැනි සහ තෙවැනි වට ලකුණු 25 ට 22ක් සහ 28 ට 26 ක් ලෙස ජය ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

තරගයේ සිව්වැනි වටය ලකුණු 25 ට 23 ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලං කාව විසින්.‍

අනතුරුව තීරණාත්මක 5 වැනි වටය ලකුණු 15 ට 11 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකාව වට 3 ට 2ක් ලෙස තරගයේ ජය හිමි කර ගත්තා.