ඉතිහාසය වෙනස්කළ ලෝක රන් මිල

ලෝක වෙළෙඳපොළේ රන් මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,024 ද ඉක්මවා මේ වන විට වාර්තා වන බවයි.

2025 වසරේදී 60%කට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කළ රන් මිලේ ඉහළ යාම 2026 වසරේ මුල් සති කිහිපය තුළද එලෙසම රඳවා ගැනීමට සමත් වුණා.

රන් මිලට සමගාමීව රිදී මිලද ඉහළ ගොස් ඇති අතර එය රිදී අවුන්සයක් ඩොලර් 100 සීමාව පසුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.