රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියානු තෙල් පිරිපහදු සමාගම් වෙත දින 30 ක තාවකාලික අවසරයක් ලබා දීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
‘2026 මාර්තු 05 වන දින සිට බලපැවැත්වෙන පරිදි රුසියානු සමූහාණ්ඩුවට අයත් බොරතෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන ඉන්දියාව තුළ බෙදා හැරීමට සහ විකිණීමට අවසර දීම’ යනුවෙන් අදාළ අවසරය අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය විසින් නිකුත් කර ඇත.
ඒ අනුව අදාළ ගනුදෙනු එළැඹෙන අප්‍රේල් 03 වනදා දක්වා සිදුකිරීමට අවසර දී ඇති බව එහි සඳහන් වනවා.
