ඉන්දියාවේ නිල සංචාරයක නිරත මෙරට නියෝජිතයින් ඉන්දීය ලෝක් සභාවේ කථානායක ඕම් බිර්ලා මහතා හමුවේ

ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටි මෙරට පාර්ලිමේන්තු නියෝජිත පිරිස එරට ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතා හමු වුණා.

එහිදී බිර්ලා මහතා කියා සිටියේ, මෙවැනි නිල සංචාර තුළින් ද්වීපාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත් වන බවයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරාධනයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය සහ ශ්‍රී ලංකා – ඉන්දියානු පාර්ලිමේන්තු මිත්ත්‍රිත්ව සංගමයේ සභාපති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් මෙම ඉන්දීය නිල සංචාරයක නිරත වුණා.

එම සංචාරය අතරතුර අමාත්‍යවරයා ඇතුළු පිරිස ඉන්දීය ලෝක් සභාවේ කථානායක ශ්‍රී ඕම් බිර්ලා මහතා හමු වූ අතර, පාර්ලිමේන්තු සහයෝගීතාව, සෞඛ්‍ය මාධ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර පිළිබඳව සාකච්ඡා කෙරුණා.

ඉන්දියානු ලෝක් සභාව සහ රාජ්‍ය සභාව සමග සම්බන්ධ වී කටයුතු කිරීම, සභා ගර්භ සහ පාර්ලිමේන්තු පුස්තකාලය නිරීක්ෂණය, ඉන්දියානු මාධ්‍යයේ කාර්ය භාර්ය, පාර්ලිමේන්තු කාරක සභා පද්ධතිය, උසස් අධ්‍යාපනය, මහජන සෞඛ්‍ය, පාර්ලිමේන්තු වරප්‍රසාද සහ ආචාරධර්ම වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.