ඉන්ධන මිල පහළට

ඉන්ධන මිල සූත්‍රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සැප්තැම්බර් මාසයට අදාලව, සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.

ඒ අනුව, රුපියල් 305ක්ව පැවති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 299ක්.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල නොවෙනස් වන අතර පැවති මිල රුපියල් 341ක්.

රුපියල් 289ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ ගොස් ඇති අතර නව මිල රුපියල් 283ක්.

සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 12කින් පහළ දමා ඇති අතර නව මිල 313ක් වේ.

රුපියල් 185ක්ව පැවති, භූමිතෙල් ලීටරයක මිල මිල සංශෝධනය නොවී ඇති අතර, පවතින මිල ගණන්ම ක්‍රියාත්මකයි.

අදාළ සම්පුර්ණ නිවේදනය පහතින්,