ඉරාකයේ කිර්කුක් ප්‍රදේශයේ පිහිටි ජනප්‍රිය බලමුලු ගැන්වීමේ බලකායට හෙවත් PMF සංවිධානයේ මූලස්ථානයට එල්ල වූ ගුවන් ප්‍රහාර දෙකකින් පස් දෙනෙකු මියගොස් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන්න මෙතෙක් තහවුරු වී නොමැති බවයි ඉරාක ආරක්ෂක අංශ පවසන්නේ.
ප්‍රහාරයට ලක්වූ මෙම මූලස්ථානය ඉරාකය තුළ ක්‍රියාත්මක වන ප්‍රධාන සන්නද්ධ කණ්ඩායම් කිහිපයක එකතුවක් ලෙස සැලකෙනවා.
පවතින උණුසුම් තත්ත්වය හමුවේ කිර්කුක් නගරයේ ආරක්ෂාව තර කිරීමට ද පියවර ගැනුණා.
පසුගිය පැය 24 තුළ ඉරාකය සහ ඒ අවට කලාපයේ පිහිටි සතුරු කඳවුරු ඉලක්ක කර ගනිමින් මෙහෙයුම් 37ක් ක්‍රියාත්මක කළ බව ඉරාකයේ ඉස්ලාමීය ප්‍රතිරෝධී කණ්ඩායම පවසනවා.
මෙම ප්‍රහාර සඳහා ඩ්‍රෝන යානා සහ මිසයිල විශාල ප්‍රමාණයක් භාවිතා කළ බවයි එම කණ්ඩායම කියා සිටින්නේ.
