ඉරානයේ ජනාකීර්ණ ප්‍රදේශයකට තවත් ප්‍රහාර මාලාවක්

බටහිර ඉරානයට එල්ල වූ අමෙරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරයකින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බවයි, ඉරාන මෙහෙර් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර සිටින්නේ.

       ප්‍රහාර මාලාව ඉතා ජනාකීර්ණ ප්‍රදේශයකට එල්ල වී ඇති අතර, සිවිල් වැසියන්ට ඉන් දැඩි හානි සිදුව ඇති බවයි, එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඊශ්‍රායල ආරක්ෂක අංශ ටෙහෙරාන් සහ බේරූට් වෙත හදිසි අනතුරු ඇගවීම් සංඥා නිකුත් කර පැයකට පමණ පසු මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශ කොට සිටියේ, හිස්බුල්ලා පාර්ශ්වයන්ට අයත් අණදෙන මධ්‍යස්ථාන සහ ගබඩා පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බවටයි.