ඉරානයේ නගර 12ක ඉලක්ක කර ප්‍රහාර

මේ අතර ඉරානය පුරා නගර 12ක් ඉලක්ක කර ගනිමින් අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර එල්ල වී ඇති අතර ඉන් සිවිල් වැසියන් දහසකට අධික පිරිසක් මිය ගොස් ඇති බව සඳහන් වනවා.

මෙම තත්ත්වය හමුවේ රුසියාව සහ චීනය වහාම සටන් විරාමයක් සඳහා බලකර සිටින අතර කලාපීය මැදිහත්කරුවන් හරහා දින 45ක තාවකාලික සටන් විරාමයක් පිළිබඳව සාකච්ඡා ආරම්භ වී තිබෙනවා.

චීන විදේශ අමාත්‍ය වැන්ග් යී සහ රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් දුරකථනය ඔස්සේ සාකච්ඡා කරමින් මැදපෙරදිග යුද මෙහෙයුම් වහාම නතර කළ යුතු බව පවසනවා. හොර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කිරීමේ එකම මග කඩිනම් සටන් විරාමයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.