ඉරානයේ මීළඟ නායකත්වය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඔහු පවසන්නේ අයතුල්ලා කමේනිගෙන් පසුව ඉරානයේ පාලනය වෙනිසියුලානු මාදිලියේ රජයක් මෙන් විය යුතු බවයි.
රේසා පහ්ලවි ඉරානයේ මීළඟ නායකත්වයට පත්කිරීමේ විකල්පය ඔහු ප්‍රතික්ෂේප කරනවා.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් දමා ඇති බවයි ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරන්නේ.
දින තුනක් පැවැත්වීමට නියමිතව තිබූ මෙම අවමංගල්‍ය උත්සවයට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ වන තෙක් එය කල් තබන බව සංවිධායකයන් පවසනවා.
මේ අතර, උත්සවය පවත්වන නව දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන්.
