
ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් 6 දෙනා මීට සුළු මොහොතකට පෙර නේපාලයේ සිට කටුනායක ගුවන්තොටුපලට රැගෙන ආවා.
ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස UL 182 යන ගුවන් යානයෙන් මෙරටට රැගෙන එනු ලැබුවේ මෙරට සහ නේපාල ආරක්ෂක අංශ රැකවරණ යටතේයි. අනතුරුව ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදෙනු ලැබුවා.