වසර දෙකකට වඩා වැඩි කාලයක් ගාසා තීරයේ හමාස් ත්‍රස්තවාදීන් විසින් මෙතෙක් රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් සියලුදෙනා නිදහස් කර යළි ඊශ්‍රායලට පැමිණ ඇති බව, ඊශ්‍රායල හමුදාව තහවුරු කොට තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉදිරිපත් කරනු ලැබූ නව සටන් විරාම ගිවිසුමට අනුව හමාස් අත්අඩංගුවේ පසු වූ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම අද උදෑසන ආරම්භ වුණා.
ඒ අනුව, පළමු අදියර යටතේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 7 දෙනෙකු රතුකුරුස සංවිධානයට බාර කෙරුණු අතර, පසුව ඔවුන් ඊශ්‍රායල හමුදා බාරයෙන් නිදහස් කරනු ලැබුවා.
ඊට පැය කිහිපයකට පසු එහි දෙවැනි අදියර ලෙස ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 13 දෙනා පසුව නිදහස් කරනු ලැබුවා.
කෙසේ වෙතත්, නව සටන්විරාම ගිවිසුමට අනුව, ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම ආරම්භ කෙරුණේ, සියලු ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් 20 දෙනාම නිදහස් කිරීමෙන් පසුවයි.
ඒ අනුව, පලස්තීන සිරකරුවන් පිරිසක් රතු අඩසඳ සංවිධානයට බාර වී ඇති අතර, ඔවුන් බටහිර ඉවුරේ පලස්තීන අධිකාරිය වෙත මේ වන විට පැමිණ ඇති බවයි, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
මේ යටතේ පලස්තීන සිරකරුවන් 250 ක් සහ රැඳවියන් 2000කට වැඩි පිරිසක් නිදහස් කිරීමට නියමිතව තිබෙනවා.
2023 ඔක්තෝම්බර් 7 වැනි දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ත්‍රස්ත ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1139 දෙනෙකු මිය ගිය අතර 200කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රාණ ඇපකරුවන් ලෙස පැහැරගෙන යනු ලැබුවා.
එතැන්පටන් ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ යුදමය ප්‍රතිප්‍රහාර හමුවේ පලස්තීන වැසියන් 67,806 දෙනෙකු මිය ගොස් එක්ලක්ෂ 70,000 කට අධික පිරිසක් තුවාල ලැබුවා.
