ඊ සිගරට් අලෙවි කළ ස්ථානයක් වටලයි

පාසල් දරුවන් ඉලක්ක කරගෙන ඊ සිගරට් අලෙවි කළ ස්ථානයක් වටලා සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල නගරයේ සිදුකළ වැටලීමකදී පාසල් දරුවන් ඉල්ලක කරගෙන සිදු කරගෙන ගිය ඊ සිගරට් ජාවාරමක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් විවිධ මුදල් ප්‍රමාණයන්වලට දරුවන් හට ඊ සිගරට් අලෙවි කර ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී තිබෙනවා.

සැකකරු සන්තකයේ තිබී ඊ සිගරට් සහ මුදල් ද පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

සැකකරු මොණරාගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වන අතර ඔහු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.