උඩරට දුම්රිය ධාවනය නානුඔය දක්වා සීමාකරයි

උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (19) නානුඔය දක්වා සීමා කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ් බදුල්ල සිට කොළඹ බලා පැමිණෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර මාර්ගයට වැටී තිබූ පස් කන්ඩියක ගැටී තිබීම හේතුවෙන්.

ඊයේ දිනයේදී ද මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක් ඔහිය දුම්රිය ස්ථානය අසළදී පිලීපැනීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වූවා.