
වගා බිමක සිටවූ පොල් ගෙඩියකින් පැල අටක්, පැලවීමේ දුර්ලභ සිදු වීමක් අනුරාධපුර තිරප්පනය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මීවැල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මීවැල්ලෑව ප්‍රදේශයේ පොල්, වම්බටු, කෙසෙල් ආදිය බෝග රැසක් වගා කරමින් ජීවත්වන52 හැවිරිදි, පී.විජේරත්න මහතා ඉඩමේ මෙම පොල් පඳුර හටගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විජේරත්න මහතා.
“පොල් පැළයක් කියලා කිව්වට මේක පොල් පැළයක් නම් නෙමේ, මේක පොල් පදුරක්, මේ පොල් පැළෙන් මුලින්ම පැළ 10 ක්, වෙනම උඩට මතුවී තිබුණා.මේ වන විට නිරෝගීව වැඩුණු පොල් පැළ 08 ක් පමණ එහි හටගෙන තිබෙනවා. මෙම පොල් පැළය දැනට වසර 05 කට පමණ ඉහතදී තමයි පැල කරේ, මෙම පොල් පැළය සිටුවා ඇති කාලයේදී වන අලි මෙම පොල් පැළයට හානි සිදු කර තිබුණා.
පසුව එම හානියෙන් අනතුරුව මෙම පැළය එම ස්ථානයේම නැවත සිටෙව්වා. පසුව එම පැළය තුළින් එකින් එක උඩට අලුත් පැල මතුවීමට පටන් ගත්තා. එහි සරුවට වැඩුණු පැළ 05 ක් පමණ ඉතාමත්ම හොදින් වර්ධනය වී තිබෙනවා.
අනිත් ගස් 3නේ වර්ධනය තරමක් බාලයි. මගේ වයස අවුරුදු 52ක ජීවිතේ මෙවැන්නක් මීට ඉහතදී කිසිදිනෙක මම දැකලා නැහැ .මෙම පුදුම සහගත පදුරු පොල් පැළය දැක ගැනීම සදහා ප්‍රදේශවාසීන් නිරන්තරයෙන් පැමිණෙනවා.”
