ඔටිසම් තත්වය සහ ස්නායු වර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙලෙන ළමයින් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඊට අදාළ යෝජනාව සති දෙකක් ඇතුළත සම්පාදනයට නියමිතයි.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ පැවැත්වුණා.
මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මකයි.
රේඛීය අමාත්‍යාංශ සහ ආයතන මගින් වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර, ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබනවා.
මෙවර අයවැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන සමාජ සේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට බාර දෙනු ලැබුවා.
දිවා සුරැකුම් මධ්‍යස්ථාන පවත්වාගෙන යාමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම, වැඩසටහනට අදාළ විද්‍යාත්මක පසුබිමක් සහිත නව මොඩලයක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණා
