
නාසා (NASA) ආයතනයේ ‘ආර්ටෙමිස්’ (Artemis) මෙහෙයුම් මාලාවේ ප්‍රථම මිනිසුන් සහිත ගවේෂණය ලෙස “ආර්ටෙමිස් II” (Artemis II) මෙහෙයුම 2026 වසරේ අප්‍රේල් මාසයේදී දියත් කිරීමට නියමිතය. මෙම ඓතිහාසික මෙහෙයුම සඳහා අභ්‍යවකාශගාමීන් සිව්දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තේරී පත්ව සිටින අතර, සාමාන්‍ය ජනතාවටද මේ සඳහා විශේෂ ආකාරයකින් සහභාගී වීමට නාසා ආයතනය අවස්ථාව සලසා දී ඇත.
ඔබේ නමත් සඳ වටා යවන්න මෙම මෙහෙයුමේ ඇති සුවිශේෂීත්වය වන්නේ ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ නම සඳ වටා යැවීමට අවස්ථාව ලැබීමයි. එසේ එකතු කරගන්නා නම් ඇතුළත් කළ SD පතක් (SD Card) “ඔරායන්” (Orion) යානය තුළ තැන්පත් කර සඳ වටා ගෙන යාමට නාසා ආයතනය තීරණය කර ඇත. ඔබ වෙනුවෙන් මෙන්ම ඔබේ දරුවන්, හිතවතුන් සහ සුරතල් සතුන් වෙනුවෙන්ද මෙහිදී සංකේතාත්මක ගුවන් ගමන් බලපත්‍රයක් (Boarding Pass) ලබා ගැනීමට හැකියාව පවතී.
මෙහෙයුමේ විස්තර නාසා අභ්‍යවකාශගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් “ස්පේස් ලෝන්ච් සිස්ටම්” (SLS) රොකට්ටුව සහ “ඔරායන්” යානය මගින් ගමන් ගන්නා ප්‍රථම මිනිස් කණ්ඩායම වනු ඇත. දින 10ක කාලයක් පුරා ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම මගින් පෘථිවියේ සිට සැතපුම් 230,000කට වඩා දුරින් පිහිටි සඳෙහි ඈත පැත්ත (Far side) ගවේෂණය කෙරේ.
අරමුණ සහ පර්යේෂණ සඳ මත මිනිසුන් පදිංචි කරවීමේ සහ අනාගත අඟහරු ගවේෂණ මෙහෙයුම් සඳහා අවශ්‍ය අඩිතාලම දැමීම මෙහි මූලික අරමුණයි. අභ්‍යවකාශ විකිරණ සහ මානව සෞඛ්‍යය සම්බන්ධ වැදගත් පර්යේෂණ රැසක් මෙහිදී සිදු කෙරේ. මෙහෙයුම අවසානයේ අධික වේගයකින් පෘථිවි වායුගෝලයට ඇතුළු වන ඔරායන් යානය, පැසිෆික් සාගරයට පතිත කිරීමට නියමිතය.
විශේෂ සටහන: ඔබේ නම මෙම ඓතිහාසික ගමනට එක් කිරීමට අවශ්‍ය නම් නාසා නිල වෙබ් අඩවිය හරහා ලියාපදිංචි වී ඔබේ “Boarding Pass” එක දැන්ම ලබාගත හැකියි.

Don’t miss your chance to #SendYourName to the Moon! We’re collecting names that will be included on an SD card that will fly inside Orion during the Artemis II mission. Don’t forget a boarding pass for your furry friends, kids, and loved ones, too >> https://go.nasa.gov/49NQ4mf