ඔබේ වාහනයේ අනන්‍යතාවය තහවුරු කරන්න මේ ලේඛන රැගෙන එන්න

ලංකා ඛනිජ තෙල් නීතිතග සංස්ථාව මගින් වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව ඉන්ධන නිකුත් කිරීමට පියවර ගැනීමත් සමග ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිත කිරීමට පෙළඹී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.

එබැවින් වාහනයේ අනන්‍යතාවය නිවැරදිව තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේදී වාහන ආදායම් බලපත්‍රය, වාහනයේ ලියාපදිංචි සහතිකය, රක්‍ෂණ සහිතිකය හෝ වාහන දුම් පරීක්‍ෂණ සහතිකය යන ලේඛනවලින් එකක් ඉදිරිපත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ඉල්ලා සිටිනවා.