ඔසී කෙල්ලෝ එංගලන්තය දණ ගස්සයි

‍ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත්වුණා.

තරගය පැවැත්වුණේ ඉන්දියාවේ ඉන්දෝර් හීදි.

කාසියේ වාසිය හිමිකරගත් ඕස්ට්‍රේලියාව පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය පන්දුවාර 50 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 244 ක් රැස්කළා.

ටමී බියුමන්ට් ලකුණු 78 යි. ඇලිස් කැප්සි ලකුණු 38 ක් ලබාගත්තා. පන්දු යැවීමේදි ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා ඇනබල් සදර්ලන්ඩ් කඩුලු 3 ක් බිඳහෙලුවා.

පිළිතුරු ලෙස ඕස්ට්‍රේලියාව පන්දුවාර 40 යි පන්දු 3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 248 ක් ලබාගනිමින් තරගය ජයගත්තා.

5 වැනි කඩුල්ලට ලකුණු 180 ක සබඳතාවක් පවත්වා ගනිමින් ඇනබල් සදර්ලන්ඩ් සහ ඈෂ්ලි ගාඩ්නර් තරගය ජයග්‍රහණය කරා ගෙන ගියා.

ඈෂ්ලි ගාඩ්නර් නොදැවී ලකුණු 104 ක් සහ ඇනබල් සදර්ලන්ඩ් නොදැවී ලකුණු 98 ක් රැස්කළා.

පන්දුයැවීමේදි එංගලන්ත ක්‍රීඩිකා ලින්සි ස්මිත් කඩුලු 2 ක් දවාගත්තා.

මෙම ජයග්‍රහණයත් සමගින් ඕස්ට්‍රේලියා කණ්ඩායම ප්‍රසාද ලකුණු 11 ක් ලබා ගනිමින් තරගාවලියේ තවදුරටත් පෙරමුණේ පසුවනවා.