
දේපල වටිනාකම් ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ මිලියනපතියන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
ස්විස් බැංකුවක් වන UBS හි වාර්තාවකට අනුව එය පෙන්වා දී ඇති අතර මේ වන විට ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින්ගේ මධ්‍යස්ථ ධනයේ වටිනාකම ලෝකයේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
එය ඇමරිකානු ඩොලර් 268,000කට ආසන්න වටිනාකමක්.
ඔස්ට්‍රේලියානුවන්ගේ ධනය වැඩිවීම බොහෝ දුරට දේපළ මිල සමග බැඳී ඇති අතර, සමස්ථ පවුල් සංඛ්‍යාව ඩොලර් ට්‍රිලියන 10.5 කට ආසන්න නේවාසික ඉඩම් සහ දේපළහිමිකරුවන් වනවා.
Global Wealth Report අනුව ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු මිලියනපතියන් බවයි සදහන් වන්නේ.
එම අගය ඔස්ට්‍රේලියාවේ මිලියන 25.8 ක ජනගහනයෙන් මිලියන 1.9 ක්වන අතර 2028 වන විට එය 20%කින් වැඩිවිය හැකි බව UBS අපේක්ෂා කරනවා.
තවද ඔස්ට්‍රේලියානුවන් සිය ධනයෙන් 53% ක්ම දේපලවලට ආයෝජනය කර ඇති බවද වාර්තාවේ සදහන්.
කෙසේ වුවත්, මුදල් සහ බැංකු තැන්පතු ලෙස පවතින ධනය ඉතා අඩු වන අතර ප්‍රතිශතයක් ලෙස එය සියයට 10ක් පමණයි.