
කණ්ඩලමේ අලියට කොහොමද කියල ගොඩක් අය අහල තිබුණා.
භාතිය ගැන වැඩි අවධානයක් තියෙද්දි මෙම අලියා ගැන අවධානයක් යොමු වුනේ අඩුවෙන් බවටයි චෝදනා එල්ල වුනේ. කොහොම උනත් මේ අලියට ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය ප්‍රතිකාර ආරම්භ කරලයි තිබුණේ.දැනටත් ප්‍රතිකාර ක්‍රියාත්මකයි.අලියගේ වත්මන් තත්වය ගැන ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයෙන් අප විමසීමක් කළා.පසුගියදා ආබාධිත කකුල ස්කෑන් පරීක්ෂණයකට ලක් කරලා තිබුණා.වෙඩි පාරවල් තුනක් ඉදිරි දකුණු පාදයට එල්ල වී ඇති බවයි ඉන් අනාවරණය වී ඇත්තේ.ඒ ආසාදන තත්වය නිසා ශරීරයේ රතු රුධිරාණු මට්ටම අඩු වීමේ තත්වයක්ද පවතින බවයි පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා කියා සිටියේ.එම නිසා අලියා යම් අලස බවක් පෙන්නුම් කරනවා.ඒ තත්වය සඳහා යකඩ ලබා දීම දින 03 කට වරක් සිදු කෙරෙනවා.දුර්වල තත්වයකට පත්වූ විට අලි ඇතුන් හුදකලාව සිටීමටත් කැමැත්තක් දක්වනවා.පාදයේ ඇති උණ්ඩ ඉවත් කළ හැකිද යන්න පිළිබඳවද අප විමසීමක් කළා.සැත්කමක් කලහොත් ඇවිදීමට නොහැකි තත්වයක් ඇති විය හැකි බවයි ගිරිතලේ පශු වෛද්‍යවරයා කියා සිටියේ. ප්‍රධාන ගැටලුව අලියා අසාධ්‍ය තත්ත්වයකට පත් වුවහොත් ජලයට බැසීමයි.එය වළක්වා ගැනීම සඳහා ප්‍රතිකාර අඛණ්ඩව සිදු කරන බවත් යම් සුවයක් ඇතිවුවහොත් වනය දෙසට යැවීමට උත්සහා කරන බවයි පශු වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.
කණ්ඩලමේ අලියාටත් එල්ල වී ඇත්තේ වෙඩි පහරවල්.ප්‍රතිකාර වලට හඬ නගනවා මෙන්ම ගිනි අවි ගැනත් යටපත් නොවන හඬක් නැගිය යුතුමයි.ප්‍රතිකාර කරනවාට වඩා ආර්ථික වශයෙන් ගණන් බැලුවද ගිනි අවි ගැන අවධානය ලාභදායී.භාතියගේ සිදුවීමේදී පශු වෛද්‍ය කණ්ඩායම් වල අත පසුවීමක් සිදු වූ බව පිළිගත යුතුමයි.නමුත් වර්තමානයේ අලි ඇතුන්ට වෙඩි ප්‍රහාර එල්ල වන තරමට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය කාර්ය මණ්ඩලය නොමැති බව පිළි ගත යුතුයි.පශු වෛද්‍යවරුන් 37 දෙනෙකු සිටිය යුතු වුවත් මේ වන විට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්තව සේවය කරන්නේ පශු වෛද්‍යවරුන් 13 දෙනෙක් පමණයි.පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයෙන් පිටව යන පිරිස වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එක් නොවීමේ ප්‍රවණතාවක් පසුගිය කාලයේ නිරීක්ෂණය වී තිබෙනවා. එයද අවධානය යොමු කළ යුතු තත්වයක්.රැකියාවේ අවදානම,වැටුප, මේ සියල්ල ඒ සඳහා බලපානවා විය හැකියි.කෙසේවෙතත් බලහත්කාරයෙන් පශු වෛද්‍යවරුන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත කිරීමද ගැටළුවක්.අවසානයේ ඒ සියල්ල හරහා විදවන්නට සිදුවන්නේ අහිංසක සතුන්ටයි.දැන් අවශ්‍ය වන්නේ මේ සියලු කරුණු සැලකිල්ලට ගත් පුළුල් වැඩපිළිවෙළක් බවනම් කිව යුතුමයි.
අසංක නිලගරත්න