පකිස්ථානයේ කරච්චි නුවර පිහිටි දැවැන්ත සාප්පු සංකීර්ණයක හටගත් දරුණු ගින්නකින් පුද්ගලයින් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවමත් පුද්ගලයින් පනස් අට දෙනෙකු අතුරුදහන්ව ඇති බවයි වාර්තා වන්නේ. තවත් 60කට ආසන්න සංක්‍යාවක් අතුරු දහන බව එරට බලධාරීන් පවසනවා.
කරච්චි නුවර පිහිටි වෙළඳසැල් 1200කින් සමන්විත ‘ගුල් ප්ලාසා’ සාප්පු සංකීර්ණයේ මෙම ගින්න හටගෙන ඇත්තේ.
ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින්ට පැය 24කට අධික කාලයක් ගතවී ඇති අතර, මියගිය පිරිස අතර එක් ගිනි නිවන භටයෙකු ද වන බව බලධාරීන් තහවුරු කරයි.
ප්ලාස්ටික් සහ රෙදිපිළි වැනි දැවෙන සුළු ද්‍රව්‍ය හේතුවෙන් ගින්න වේගයෙන් පැතිර ගොස් ඇති අතර, ගොඩනැගිල්ලේ කොටස් කඩා වැටීම ගලවා ගැනීමේ මෙහෙයුම්වලට දැඩි බාධාවක් වී තිබෙනවා.
අතුරුදහන් වූවන් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක අතර, පකිස්ථාන ජනාධිපති අසීෆ් අලි සර්දාරි මහතා අදාළ අංශවලට උපදෙස් දී ඇත්තේ වාණිජ ගොඩනැගිලිවල ආරක්ෂාව පිළිබඳ වහාම විමර්ශනයක් පවත්වන ලෙසයි.
