සාක් කලාපිය රාජ්‍යන්හි දිළිඳුබව තුරන් කිරීමේ අරමුණින් එක් එක් රාජ්‍යන්හී අද්දැකීම් හුවමාරු කරගැනීමටත්, දිළිඳුබව තුරන් කිරීම පිළිබඳ ලෝකයේ නව ප්‍රවනතාවයන් හඳුනාගැනීමත් වෙනුවෙන් බංගලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය,මියන්මාරය සහ ශ්‍රී ලංකාව යන රටවල් හි නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බිම්ස්ටෙක් ( BIMSTEC ) විශේෂිත සමුළුවේ හතර වන සැසිය පසුගිය ඔක්තෝබර් 9 සහ 10 යන දෙදින කොළඹදී පැවැත්වුනා.
මෙවර සැසියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි. ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යංශයට අනුබද්ධ, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම සැසිය සංවිධාන කරණු ලැබුවා.
දිළිඳුබව තුරන් කිරීම හා ග්‍රාමීය සංවර්ධනය සඳහා එක් එක් රාජ්‍යන් අනුගමනය කරන ක්‍රියාමර්ග හා සකස් කරන සැලසුම් මෙන්ම ඒහි සඛ්‍යතාවයන් පිළිබඳව සමුළුවේදී සාකච්ඡාවට ගෙන තිබෙනවා.
එමෙන්ම සමුළුවේ නියෝජිතයන් හා ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා අතර හමුවක් ද පැවැත්වුනා.
ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ හා සමාජ සවි බල ගැන්වීම් අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රී නායක , අතිරේක ලේකම් ගාමිණී විජේසිංහ මහත්වරුන්, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්
සී.ඩී කළු ආරච්චි මහතා, විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ජනරාල් ඇන්සල් ජෑන් මහතා
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සමාජ ආරක්ෂණ එච් කේ රණවීර, ජීවනෝපාය අධ්‍යක්ෂ උපුල් ක්‍රිෂාන්ත , සැලසුම් අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා , අලෙවි අධ්‍යක්ෂ සුසන්ත කිත්සිරි මහත්වරුන් විදේශ සේවා අමාත්‍යාංශය කළමණාකාර අධ්‍යක්‍ෂ චාතුර්යා ලියන ආරච්චි, සහකාර අධ්‍යක්ෂ පූර්වභාෂි කහතුඩුව මහත්මීන් ඇතුළු නිලධාරින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
