කහකෝනා මල් පිපිලා වතුකරයම ලස්සන වෙයි

හැටන් බගවන්තලාව ප්‍රදේශයේ තේ වතුවලට පිවිසෙන මාර්ගය දෙපස මේ දිනවල කහකෝනා මල් හටගෙන තිබීම නිසා තේ වතුයායම අලංකාර වී තිබෙනවා.

සුදු අධිරාජ්‍යවාදීන් විසින් තේ වගාව නගාසිටුවීමේදි තේ ගස්වල සෙවනට සහ පාංශුඛාදය වැළැක්වීමට කහකෝනි ගස් සහ මැයි මාර ගස් රෝපණය කල බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේ.

වසරකට වතාවක් මල් පිපෙන කහ කෝණා ගස් වල මල් විශාල වශයෙන් මේ දිනවල පිපි තිබෙන අතර, එම මල්වල සුවදක්ද පවතින බවත්, එම කහකෝනා ගස්වල මල් පිපෙණ කාලයට බඹරුන් මී මැස්සන් එම මල්වලට පැමිණෙන බවයි වතු අධිකාරිවරුන් කියා සිටියේ.