කිසල් ඔෂද බාලක 110m කඩුලු මතින් දිවීමේ අවසන් මහා තරගයට

ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ මීටර 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට කිසල් ඔෂධ ගගන්දර සමත් වුණා.

දෙවැනි මූලික තරගයේ දෙවැනි ස්ථානය හිමි කර ගනිමින්.

කිසල් ඔෂධ ගගන්දර ගොඩකවෙල ගන්කන්ද මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයෙක්.

ඔහු සහභාගී වන අවසන් තරගය අද රාත්‍රීයේ පැවැත්වීමට නියමිතයි.

මේ අතර මීටර 100 කාන්තා මූලික තරගයට සහභාගී වූ තරනි නිර්මානි ඒහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.

ඒ් මූලික වටයේ දෙවැනි තරගයේදී 2 වැනි ස්ථානය හිමි කර ගනිමින්.

ඇය ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ක්‍රීඩිකාවක්.