කුෂ් මත්ද්‍රව්‍ය තොගයක්කටුනායකදී කොටු

රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයක කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතික සැකකරුවෙකු ඊයේ රාත්‍රි කටුනායක ගුවන් තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38 හැවිරිදි සැකකරු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ පළමුවරටයි.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඉන්දීය ජාතික රියදුරෙකු වන අතර, ඔහු ඊයේ රාත්‍රි 10.47 ට පමණ කටුනායකට පැමිණ ඇත්තේ ඉන්දියාවේ චෙන්නායි නුවර සිටයි. සැකකරු සිය ගමන් මල්ලෙහි ව්‍යාජ පතුලක් සකස් කර එහි ඉතා සූක්ෂම ලෙස කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 2 කට අධික ප්‍රමාණයක් සඟවා තිබු බව රේගු නිලධාරින් පවසනවා. සැකකරු සමග මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන් තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් වෙත බාරදීමට පියවර ගෙන තිබෙනවා.