අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියනියන් තුන් දෙනා සහ බෑනාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද අධි චෝදනා භාර දුන්නා.
අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ අධි චෝදනා පත්‍ර කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මහත්මිය ඉදිරියේ භාරදීම සිදුකළා.
ඉන් අනතුරුව විත්තිකරුවන් රුපියල් පනස්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීරය ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුණා.
ඉන් අනතුරුව ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට නියම කෙරුණු අතර විදේශ ගමන් බලපත්‍ර අධිකරණය බාරයට ගැනීමටත් නියම කළා.
විත්තිකරුවන්ගේ ඇඟිලි සලකනු ලබාගෙන වාර්තා කැඳවීමට ද නියම වුණා.
රුපියල් මිලියන 97 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගැනීම සම්බන්ධයෙන් මෙම විත්තිකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ මෙම චෝදනා අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙනවා.
