කොංගෝ රාජ්‍යයේ කොල්ටන් පතලක් කඩා වැටීමෙන් මියගිය පිරිස 225 ඉක්මවා ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ මරණයට පත් පිරිස අතර කුඩා දරුවන් ද සිටින බවයි.
කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ඛනිජ කැණීම් මධ්‍යස්ථානයක සිදුවූ දරුණු නායයෑමක් හේතුවෙන් පුද්ගලයින් 227 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
රුබායා ප්‍රදේශයේ පිහිටි මෙම පතල කඩා වැටීමෙන් තවත් පිරිසක් පස්වලට යටවී සිටින බවයි වාර්තා වන්නේ.
අනතුර වන අවස්ථාවේ පතල් කම්කරුවන්ට අමතරව, එහි සිටි වෙළෙන්දන් සහ කුඩා දරුවන් රැසක් ද පස්වලට යටවී තිබෙනවා.
මේ වන විට බරපතල තුවාල සහිත 20 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබෙනවා.
ලෝකයේ කොල්ටන් (Coltan) අවශ්‍යතාවයෙන් සියයට 15ක් පමණ සපයනු ලබන්නේ රුබායා ප්‍රදේශයෙන්. ප්‍රාදේශීය බලධාරීන් සඳහන් කරන්නේ වර්ෂාධික කාලගුණයත් සමඟ පතල් භූමියේ ඇතිවූ නායයෑමක් මෙම ව්‍යසනයට හේතුවී ඇති බවයි.
නැගෙනහිර කොංගෝ කලාපයේ පවතින සන්නද්ධ කණ්ඩායම්වල බලපෑම හේතුවෙන් මෙම පතල්වල ආරක්ෂාව තහවුරු කිරීම රජයට දැඩි අභියෝගයක් වී ඇති බව සඳහන්.
