විශාල ගල් කිහිපයක් ප්රධාන මාර්ගයට පෙරලීමේ අවධානමක් හේතුවෙන් නුවරඑළිය – ගම්පොළ ප්රධාන මාර්ගය ඊයේ (26) දින පස්වරුවේ සිට තාවකාලිකව වසා දැමූ බව කොත්මලේ පොලිසිය පවසනවා.
විශෘල ගලක් ඊයේ (26) රාත්රියේ ප්රධාන මාර්ගයට කඩා වැටුණු බවත්, කොත්මලේ ගැරඩිඇල්ල ප්රදේශයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගැරඩිඇල්ල ප්රදේශයේ තේ වත්තේ විශාල ගල් කිහිපයක් ගැලවී පහළට පෙර තේ වත්තේ රැදී තිබෙන බවත්, එම ගල් ප්රධාන මාර්ගයට පෙරලීමෙ අවධානමක් පවතින නිසා මාර්ගයේ රථවාහන ගමනා ගමනය තාවකාලිකව නවතා දැමූ බවයි කොත්මලේ පොලිසිය කියා සිටියේ.
තවද, එම මාර්ගයේ ගැරඩිඇල්ල ප්රදේශයේ ස්ථාන කිහිපයකම පස් කඳු කිහිපයක් කඩා ඇති බවත්, කඩා වැටී ඇති පස් කඳු ඉවත් කිරිමේ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බවයි කොත්මලේ පොලිසිය පවසන්නේ.
වසා දමා ඇති එම මාර්ගය යළි විවෘත කරන තෙක් එම මාර්ගයේ ගමන් ගන්නා මගීන්ට විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරන ලෙස කොත්මලේ පොලිසිය ඉල්ලා සිටිනවා.
