ගල් අඟුරු ගැටලුව ගැන මහජන උපයෝගිතා කොමිසන් සභාවේ තීරණය

ගාස්තු සංශෝධනවලදී ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභොගිකයාගෙන් අය නොකරන බවට ශ්‍රී ලංකා මහජන අපයොගිතා කොමිෂන් සභාවෙන් ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා.

විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදී සලකා බලනුයේ විදුලිය ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙන්වා දෙනවා.

පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදීද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නැත.

ඉදිරි ගාස්තු සංශෝධන යෝජනාවලදී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලි ගාස්තුවලට ඇතුළත් නොකිරීම සඳහා කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇත.