ගාල්ලේ දුම්රියට හරස්වූ මහ ගස

ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

බෙලිඅත්තේ සිට කොළඹ බලා ධාවනය වු සාගරිකා දුම්රිය මේ හේතුවෙන් නතර කිරීමට සිදුව ඇති බවයි,දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.