ගාසා තීරයට යහපතක්ම වූ ඇමතුම

ගාසා තීරයේ සාම ගිවිසුම වෙනුවෙන් ක්‍රියා කළ ලෙසටම, යුක්‍රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් ද මැදිහත් වන ලෙස යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටිනවා.

ගාසා සටන් විරාමය තහවුරු කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් දරන ප්‍රයත්නයට සිය ප්‍රසංශාව පළ කරමින් යුක්‍රේන ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේ, ලොව සෙසු කලාපයන්හි හටගෙන ඇති වත්මන් යුද ගැටුම් නවතාලීමට ද ජනාධිපති ට්‍රම්ප්ට හැකියාව පවතින බවයි.

යුක්‍රේන බලශක්ති ජාලය ඉලක්ක කර රුසියාව විසින් දැවැන්ත ප්‍රහාරයක් සිදුකිරීමෙන් පසු නායකයින් දෙපළ අතර ඊයේ සිදු වූ දුරකථන සංවාදයක දී යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි මේ බව කියා සිටියා.