
ගාසා තීරයේ “යුද්ධය අවසන්” බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටිනවා. ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීම සඳහා නිල ගුවන් යානයේ ඊශ්‍රායලයට යන අතරතුර මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ බව කියා සිටියා.
ගාසා තීරය සඳහා සටන් විරාම ගිවිසුමට අනුව රඳවාගෙන සිටින සියලුම ඊශ්‍රායල ජාතිකයින් හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලට භාර දීමට නියමිතයි. මේ වන විට හමාස් සංවිධානය භාරයේ ප්‍රාණ ඇපකරුවන් 48 දෙනෙකු සිටින අතර ඔවුන්ගෙන් 20 දෙනෙකු ජීවතුන් අතර සිටින බවට විශ්වාස කෙරෙනවා. ඔවුන් ආපසු බාරදීමට සඳහා එරට වේලාවෙන් අද රාත්‍රී 12:00 දක්වා කාලය ලබාදී තිබෙනවා. ගිවිසුමට අනුව ඊශ්‍රායලය විසින් පලස්තීන සිරකරුවන් 250 ක් සහ රැඳවියන් 1,700 කට වැඩි පිරිසක් නිදහස් කරනු ඇති. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බෙන්ජමින් නෙතන්යාහු හමුවීමට සහ පාර්ලිමේන්තුව ඇමතීමට ඊශ්‍රායලයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. ඉන්පසු ඔහු මැද පෙරදිග සාමය පිළිබඳ සමුළුවක් පැවැත්වීමට ඊජිප්තුවට යන අතර එයට බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් ඇතුළු ලෝක නායකයින් ද සහභාගී වනු ඇත.