ගාසා සටන් විරාමයට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය

ගාසා තීරයේ සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ සැලැස්ම ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා.

අමෙරිකානු මැදපෙරදිග නියෝජිත ස්ටීව් විට්කොෆ් ඊශ්‍රායල කැබිනට් රැස්වීමට සහභාගී වී අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමග සාකච්ඡා කර ඇති බවයි, මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඊශ්‍රායලය බාරයේ සිටින පලස්තීන ප්‍රාණ ඇපකරුවන් ලබන සඳුදා දින නිදහස් කරනු ඇතැයි, අමෙරිකානු ජනාධිපති‍ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ ‍කර සිටිනවා.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ඇතැම් ප්‍රදේශවලින් ඉවත් වීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

දිනකට ආධාර ට්‍රක් රථ සිය ගණනක් ගාසා තීරයට ඇතුළු වෙමින් පවතින බවයි, අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර සිටියේ.

ඊශ්‍රායලය හා හමාස් සංවිධානය නව සාම සැලැස්මේ පළමු අදියර ක්‍රියාත්මක කිරීම සඳහා ඊජිප්තු‍වේ දී නව ගිවිසුමට එළඹුණේ ඊයේ දිනයේ දීයි.

ඒ අනුව, සටන් විරාමය ක්‍රියාත්මක කිරීම සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම පිළිබඳව එම ගිවිසුමට ඇතුළත්.