ටී 56 වර්ගයේ ගිනි අවි 04ක්, එම මැගසීනයක්, පතරොම් 27ක් හා හෙරොයින් සමඟ සැකකරුවෙකු හා ඊට ආධාර අනුබල දුන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දොලොස්ගොඩ වත්ත, ඉබ්බාවල ප්රදේශයේදී ඊයේ (24) දින සවස් කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකා මාතර කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීම සිදු කර ඇත.
ටී 56 ගිනි අවි 04, ටී 56 ජීව පතරොම් 27, ටී 56 පතරොම් ගැබ් 01, හෙරොයින් ග්රෑම් 02 මිලිග්රෑම් 850ක් හා හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකරන මුදල් රුපියල් 830,000/=ක මුදලක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු වයස අවුරුදු 38ක් වන ඉබ්බාවල, වැලිගම ප්රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරුගෙන් සිදුකරන ලද ප්රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත අපරාධයක් සිදු කිරීමට ක්රමන්ත්රණය කිරීමට කුමන්ත්රණය කිරීමේ වරදට සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය වයස අවුරුදු 37ක් වන ඉබ්බාවල, වැලිගම ප්රදේශයේ පදිංචිකාරියකි.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරිය වැලිගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.