චීන මහජන යුද ජයග්‍රහණයේ 80වැනි සැමරුම අද

ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන ප්‍රතිරෝධ යුද්ධයේ සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයේ ජයග්‍රහණයේ 80 වන සංවත්සරය සැමරීම අද උදෑසන චීනයේදී ආරම්භ වුණා.

ඒ බීජිං හි ටියැන්මන් චතුරශ්‍රයේ දී.

අද දින, චීනය සහ ලෝකය ඉතිහාසයට සහ මියගිය අයට ගෞරව කිරීමට සහ සාමය සහ යුක්තිය ලුහුබැඳීම නැවත තහවුරු කිරීමට ගෞරවනීය දිනයක් ලෙස සළකනු ලබනවා.

වසර අසූවකට පෙර චීනය ජපන් ආක්‍රමණයට එරෙහිව බලවත් යුද්ධයක් සටන් කර ජයග්‍රහණය කරනු ලැබුවා.

මෙම යුද්ධයේදී මිලියන 35කට අධික චීන සොල්දාදුවන් සහ සිවිල් වැසියන් යුද්ධයේදී මිය ගිය හෝ තුවාල ලැබූ බවයි වාර්තා පෙන්වා දෙන්නේ.

මෙම ජයග්‍රහණයෙන් පසු චීන රාජ්‍ය පුනර්ජීවනයට දොර විවර වුණා. පසුගිය දශක කිහිපය තුළ, චීනයේ වේගවත් සංවර්ධනයක් කරා ලඟා වී තිබෙනවා.

ප්‍රතිසංස්කරණ හා විවෘත කිරීමේ සිට, චීනයේ ආර්ථිකය 300 ගුණයකට වඩා වර්ධනය වී ඇති අතර, එය ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය බවට පත්ව තිබෙනවා.

වසර ගණනාවක් තිස්සේ, චීනය වාර්ෂිකව ගෝලීය ආර්ථික වර්ධනයට සියයට 30 ක් පමණ දායක වී ඇති බවයි චීනය පවසන්නේ.

මේ අතර, එම කාලය තුළ ලෝකයේ දරිද්‍රතාවය අඩු කිරීමෙන් හතරෙන් තුනක් පමණ නියෝජනය කරන චීන ජනතාව මිලියන 800කට ආසන්න සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් මුදාගෙන ඇති බව චීන රජය වැඩිදුරටත් පවසනවා.