
විවිධත්වයක් සහිත ජන කණ්ඩායම් එකට එකතු කරගනිමින් පවතින ආර්ථික අභියෝග හා ජාතික සංහිදියාව පිළිබඳ අභියෝග ජයගැනීමට ශ්රී ලංකා ජනාධිපතිවරයාට හැකි බවට තමා විශ්වාස කරන බව දකුණු අප්රිකාවේ හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා පවසනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති හමුවකදී ඔහු මේ බව කියා සිටියා.
මෙය සිය ප්රථම ශ්රි ලංකා සංචාරය බවත්, ශ්රී ලංකාවේ ජාතික සමගිය හා සංහිදියාව සම්බන්ධයෙන් පසුගිය කාලයේ තමන් උනන්දුවෙන් පසුවු බවත්, හිටපු ජනාධිපති තාබෝ ම්බෙකි මහතා මෙහිදී සඳහන් කළා. ඔහු අවධාරණය කළේ මෙවැනි කාලයක ශ්රී ලංකාවේ සංචාරය කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි. සාමය හා සංහිදියාව ළගා කර ගැනීමේදි දෙරටටම එකම ආකාරයේ අභියෝග පවතින බවත්, විවිධත්වයක් සහිත සියලු ජන කණ්ඩායම් එක මාවතකට ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් ශ්රී ලංකාවේ ජනාධිපතිවරයා සමඟ බෙදාගැනීමට තමා කැමැත්තෙන් පසුවන බවත්, ඔහු මෙහිදී කියා සිටියා.