ජනාධිපතිතුමන්ගේ නියෝගයකට අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලය පූජා නගර සංවර්ධන කමිටුව රැස්වෙයි

මිහින්තලේ රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මිහින්තලය පූජා නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව සාකච්ඡාමය වැඩසටහනක් මිහින්තලේ රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා…

මිහින්තලය රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව රැස්වුණු අතර මෙම අවස්ථාවට ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රි හේරත්, දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා…..
මෙහිදී අමාත්‍යවරයා කියා සිටියේ පෞරාණිකත්වය ආරක්ෂා කරමින් පුරාවිද්‍යා නීති රාමුව තුළ සිටිමින් වියැකී යන උරුමය රැක ගැනීම සියලුම දෙනාගේ වගකීමබවත් ඒ සඳහා රජය මැදිහත් වන බවත් සඳහන් කරනු ලැබුවා……

මෙහිදී නායක හිමියන් සඳහන් කළේ..
රටේ සම්පත් සොරාකාපු දූෂිතයන්ට දඬුවම් දෙමින් ජඔවුන් සොරා කාපු ධනය යළි රජයට ලබා ගත යුතු බවත්, ඔවුන් සිරගත කිරීමෙන් තවත් රජයේ මුදල් වියදම් වන බවත් එම දේශපාලනඥයන්ට යළිත් දේශපාලනයට පිවිසිය නොහැකි පරිදි ඔවුන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවත් නාහිමිපාණන් වහන්සේ සඳහන් කරනු ලැබුවා……

උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ වසන්ත සමර්ශන මහතා…

👉ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව මිහින්තලය පූජා නගරය කේන්ද්‍ර කර ගනිමින් මිහින්තලය සංවර්ධන සැලැස්ම ඓතිහාසික උරුමයන් ප්‍රෞඩත්වය රැගෙන ආකාරයට සංචාරක ආකර්ෂණය දිනාගත හැකි අයුරුයි නගරය සංවර්ධනය කිරීම රජයේ අරමුණයි……

👉කච්චතිව් දූපත කිසිසේත්ම වෙනත් රටකට දෙන්න සූදානම් නැහැ..මෙය අපිට අයිති දූපතක්.. එය ඉන්දියානු රජයත් දන්නවා… විජිත හෙවත් තියෙන විදිහට මෙය ගණන් ගත යුතු දෙයක් නෙමේ…

👉පෙරටුගාමී කාර්යාලයට ජනතා විමුක්ති පෙරමුණ අයිතිවාසිකම් කීම පිළිබඳව පැමිණිල්ල විභාග කළ උසාවිය කුමක්ද කියා සොයා ගත්තා නම් ප්‍රශ්නෙට උත්තරය තිබෙනවා….

👉සමූපකාරය හරහා භාණ්ඩ වර්ග 23ක් සහනදායි ඒකාකාරී මිලකට වසරක් පුරා ලබාදීමට රජය සූදානම් කර තිබෙනවා.
ලූණු සඟවාගෙන ලාබ ලබන්න බැහැ දවසට මෙතෙක් ටොන් දහසක් ලංකාවට එනවා….
අප ක්‍රියාත්මක කරන්නේ වෙළද ජාවාරම් කාරයන්ගේ ප්‍රතිපත්ති නෙමෙයි. ලුණු ගැටළුවේදී දින විස්සක් නිදහස් කළා මෙට්‍රික් ටොන් 196,000 ක් ආවා..දැන් ලුණු හැත්තෑවට විකුණගන්නත් බැරිවෙලා තිබෙනවා….

👉නාමල් රාජපක්ෂ ගමින් ගමට ගිහිල්ලා දැන් කියන්න හදන්නේ මාවත් ඇතුලට ගන්න හදන්නේ ගත්තොත් රනිල් වගේ එන්න කියලා බලන්න…
රට කරලා රට බංකොලොත් කරලා LC එකක් විවෘත කර ගන්න බැරි තරමට රට වට්ටලා ණය ගෙවා ගන්න බැරි රටක් කරලා කරපු හැටි ජනතාව දැකලා තමයි 2/3 බලයක් රජයට දුන්නේ..
නාමල් ගමින් ගමට නෙමෙයි ගෙයින් ගෙට ගිහිල්ලා වත් යළිත් චාන්ස් එකක් නැහැ කියලා රටේ මිනිස්සු දන්නවා……