ජපානයේ ජනාකීර්ණ ප්‍රදේශවල වලසුන් දඩයම් කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ අනුව මිනිසුන් ගැවසෙන ප්‍රදේශවලට පැමිණෙන වලසුන් වෙඩි තබා හෝ වෙනත් ක්‍රම වලින් මරා දැමීමට පියවර ගනු ඇති.

වලසුන් පාලනය කිරීම සඳහා ජපාන රජය පසුගිය සතියේ ලියාපදිංචි දඩයක්කරුවන්ට අවසර ලබාදුන්නා. දිනෙන් දින ජනාකීර්ණ ප්‍රදේශවලට පැමිණෙන වලසුන් ප්‍රමාණය ඉහළ යාම සහ වලසුන් විසින් පහරදිම හේතුවෙන් සිදුවන පුද්ගල මරණ ඉහළයාම මීට හේතුවයි. වලසුන් පහරදීම හේතුවෙන් මේ වසර තුළ පමණක් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් ඇති අතර, එය ඉතිහා‍සයේ ඉහළම අගය ලෙසයි සටහන්වන්නේ.