පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් අපේක්ෂා කරන්නේ කාන්තාව පොදු ප්‍රතිලාභියෙකු ලෙස පමණක් නොව රටේ සංවර්ධනයේ සක්‍රීය හවුල්කරුවෙකු ලෙස සලකා ඇයට හිමි ගෞරවය සහ අවස්ථාව ලබාදීම බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුභපැතුම් පණිවඩුයක් නිකුත් කරමින් ඇය මේ බව සඳහන් කළා. කාන්තාව යනු අනුකම්පාව බලාපොරොත්තු වන පිරිසක් නොව ඇය බුද්ධියෙන්, දරාගැනීමේ ශක්තියෙන් සහ නිර්මාණශීලීත්වයෙන් පිරිපුන් සමාජයීය පාර්ශ්වකරුවන් පිරිසකි.
රජයේ අරමුණ වන්නේ, කාන්තාවකට බියෙන් සැකයෙන් තොරව මාවතක ගමන් කළ හැකි, ඇයගේ දක්ෂතාවයට නිසි ඇගයීමක් ලැබෙන සහ ගෞරවනීය ජීවිතයක් ගත කළ හැකි පොහොසත් රටක් නිර්මාණය කිරීම බව, අග්‍රාමාත්‍යවරියගේ සුභපැතුම් පණිවුඩයේ සඳහන්.
