වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙරළබඩ, ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වෙරළබඩ පොලිස් ස්ථානය හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව 2026.01.18 දින හා 2026.01.19 දින වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජින්තුපිටිය හා කොටහේන ප්‍රදේශවලදී මෙම අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 800ක් සමඟද තවත් සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක්ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාරිය අවුරුදු 49 ක් හා සැකකරුවන් අවුරුදු 18, 33, 40 හා 43 වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකාරිය හා සැකකරුවන් ඊයේ (19) දින අළුත්කඩේ අංක 01 ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර එක් සැකකරුවෙකු සඳහා 2026.01.23 දින දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන ඇත.
අනෙක් සැකකාරිය හා සැකකරුවන් 2025.01.26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
වෙරළබඩ පොලිසිය හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.