ජින්තුපිටිය වෙඩිතැබීමට සැකකරුවෙකු අල්ලයි

ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය (16) වන දින ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල සිදු කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින්විමර්ශන ආරම්භ කර තිබුණා.

ඒ අනුව ඊ‍යේ (29) දින දහවල් විමර්ශන නිලධාරීන් විසින් හෙට්ටියාවත්ත ප්‍රදේශයේදී ඝාතනය සිදු කිරීමට අදාල ගිනි අවි සඟවා බැහැර කර අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ත්‍රීරෝද රථයක්ද සමඟ අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

සැකකරු අවුරුදු 63 ක් වන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (30) දින අළුත්කඩේ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර වෙරළබඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.