පාකිස්තානයේ පංජාබ් ප්‍රාන්තයට ඇදහැලුණු මෝසම් වැසි හේතුවෙන් ඉකුත් පැය 24 තුළ 63 දෙනෙකු මියගොස් 300 කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා තිබෙනවා.
ඉකුත් ජුනි මස සිට මේ දක්වා ගංවතුර තත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 153 ක් ලෙසයි වාර්තා වන්නේ.
වර්ෂාවත් සමඟ හටගත් ගංවතුර හේතුවෙන් බොහෝ පිරිස් අවතැන් වී ඇති අතර, ගොඩනැගිලි කඩාවැටීම් හේතුවෙන් මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ලාහෝර් හි මරණ 15 ක්, වයිසලාබාත් හි මරණ 9 ක් සහ ඔකාරා සාහිවායි යන ගොවිපළ නගරෙහි තවත් මරණ කිහිපයක් වාර්තා වී තිබෙනවා.
අවතැන් වු පිරිස් සඳහා කඩිනමින් සහන සැලසීමට බලධාරින් පියවර ගනිමින් සිටිනවා.
බොහෝ ප්‍රදේශ ජලයෙන් යටවී ඇති බැවින් ආහාර සහ ආධාර බෙදාදීමේ කටයුතුවලටද දැඩි බලපෑම් ඇතිවී ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
