ජූනි ICC ක්‍රිකට් ක්‍රීඩ­කයා ඒඩ්න් මාක්‍රම්

ජාත්‍ය­න්තර ක්‍රිකට් කවු­න්සි­ලය විසින් නම් කරන ලද අයි­සීසී ජූනි මාසයේ ක්‍රීඩ­කයා සම්මා­නය දිනා ගැනී­මට දකුණු අප්‍රි­කාවේ ඒඩ්න් මාක්‍රම් සමත් විය.

මේ සම්මා­නය සඳහා ශ්‍රී ලංකාවේ පැතුම් නිශ්ශංක සහ දකුණු අප්‍රි­කාවේ කගීසෝ රබාඩා ද ඇතු­ළත්ව සිටි­යහ.

ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හිව ලෝඩ්ස්හිදී පැවති ලෝක ටෙස්ට් ශූර­තා­ව­ලියේ අව­සන් තර­ගයේ වීරයා වෙමින් දකුණු අප්‍රි­කා­වට ශූර­තාව දිනා දීම සඳහා දැක්වූ තුන් ඉරි­යව් දස්කම් මත මාක්‍රම්ට මේ සම්මා­නය හිමි­විය.

ජූනි මාසයේ අයි­සීසී ක්‍රිකට් ක්‍රීඩි­කාව ලෙස බට­හිර ඉන්දීය කොදෙව් කණ්ඩා­යමේ හේලි මැතිව්ස් තේරී පත් වූවාය. මේ සඳහා කොදෙව් කණ්ඩා­ය­මේම අෆී ෆ්ලෙචර් සහ දකුණු අප්‍රි­කාවේ ටස්මින් බ්‍රිට්ස් නම් කර තිබිණි.