ජෙරුසෙලමේ වෙඩිතැබීමක් 5ක් මරුට

ඊශ්‍රායලයේ ජෙරුසෙලම ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පස් දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තුවාල ලැබූවන් 6 දෙනෙකුගේ තත්වය ද බරපතල බවයි.

වෙඩි තැබීම මීට පැය කිහිපයකට පෙර සිදුව ඇති බවයි, ඊශ්‍රායල නිලධාරීන් තහවුරු කර ඇත්තේ.

මියගිය පිරිසෙන් දෙදෙනෙකු ප්‍රහාරකයින් ද යන්න පැහැදිලි නොමැති බව මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

ප්‍රහාරයට හේතුව මෙතෙක් හෙළි වී නැහැ. ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්‍ෂක අංශ පරීක්‍ෂණ පවත්වනවා.

තුවක්කුකරුවන් දෙදෙනෙකු නැගෙනහිර ජෙරුසෙලමේ සිට පැමිණි බවත් ඔවුන් බස් රථයකට නැගී වෙඩි තැබීම් සිදුකළ බවත් විමර්ශන කටයුතුවලදී හෙළි වී තිබෙනවා.