ජොන්ස්ටන් සහ බාල පුත්‍රයා රිමාන්ඩ්

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන්, වත්තල මහේස්ත්‍රාත් අධිකරණයටඅද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත අද පෙරවරුවේ පැමිණියා. ඒ ඔවුන්ට සිදුකළ දැනුම්දීමකට අනුවයි.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා අද පස්වරුවේ වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි, නියෝග කෙරුණේ.

සතොස ආයතනයේ වාහන කිහිපයක් අවභාවිතා කිරීමෙන් රජයට පාඩු සිදු කළේ යැයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා.